728x90 AdSpace

  • නවතම පුවත්

    Thursday, November 9, 2017

    හැමෝම ලොක්කෝ වෙන්න ගිහිං පට්ටං ලෙලි යන්න ගන්නා කාලයක්

    #// 84 / 30 සූත්‍රය දැන් ක්‍රියාත්මකයි !//
    • පසුගිය සතියේ ලබාදුන් සම්මුඛ සාකච්ජාවේදී ඔබ කියා තිබුණා සෙනසුරු ග්‍රහ මාරුවේ ශක්ති චක්‍ර සහ භාවස්ථාන ඇසුරින් පොදු ලග්න පලාපල විග්‍රහයක් ලබා දෙන බව. අප මුලින්ම ශ්‍රී ලංකාව ගැන කතා කළොත් මේ ග්‍රහ මාරුව රටට බලපාන්නේ කොහොමද ?

    - මා අනුගමනය කරන ටොලමියානු ජ්‍යොතිෂ සිද්ධාන්ත අනුව අපේ රටේ බාරකාරත්වය යුරේනස් සහ සෙනසුරු කියන වායු බලැති ග්‍රහයන් දෙදෙනා අතර බෙදී යයි. මේ ග්‍රහයන් දෙදෙනාම විප්ලවකාරී පරිවර්තනයන්ට මුල් වෙනවා. යුරේනස් අවුරුදු 84 කට වරක් සමස්ත ලෝකයම අලුත් කරනව වගේම සෙනසුරු අවුරුදු 30 කට වරක් රටක අභ්‍යන්තර පෙරළිකාර සිදුවීම් ඇති කරනවා. ලෝක යුද්ධ විප්ලව විද්‍යා තාක්ෂණ සහ බලශක්තිය ආශ්‍රිත ශිෂ්ටාචාර නවීකරණය ඍජුවම යුරේනස්ට අදාළයි. යම් රටක ජාතික සහ පීඩිත ජනතාව ආශ්‍රිත නැගිටීම් ප්‍රතිසංස්කරණ සහ නවීකරණයන්ට සෙනසුරු සම්බන්ධයි. 

    දැන් මෙහෙම කිව්වම ඔබ හිතන්න එපා යුරේනස් සහ සෙනසුරු තමයි ඒවා කරන්නේ කියලා. මොකද මේ ග්‍රහයො කියන්නේ සංඥා දර්ශක විතරයි. ඔවුන් පිහිටන ආකාරය අනුව ඉතිහාසයේ දෛවය ගමන් කරන ආකාරය කල්තබා දැන ගන්න පුළුවන්. ඒ මිස ඔය කිසිම ග්‍රහයකුට සර්ව බලධාරී වික්‍රමයන් පෙන්වන්න බෑ. ග්‍රහයන් කියන්නෙත් විශ්ව ශක්තියේ කර්මානුරූපීව හටගත් වස්තූන් විතරයි. අන්න ඒ නිසා ග්‍රහයන්ට බාරහාර වෙලා වන්දනාමාන කරන බමුණු විකාර පැත්තක දාලා ග්‍රහයාගෙන් නිවේදනය කරන පණිවිඩය වටහා ගැනීම සහ ජ්‍යොතිෂය සබුද්ධිකව භාවිතා කිරීම තමා කළ යුතු වන්නේ. දැන් අපි එළඹිලා ඉන්නේ 84 / 30 සූත්‍රය ක්‍රියාත්මක වෙමින් තිබෙන අවස්ථාවකටයි. 

    යුරේනස් එක් රාශියක වර්ෂ 7 ක් සහ සෙනසුරු එක් රාශියක වර්ෂ 2.5 ක් ගමන් කරනව. මේ 84/30 චක්‍ර දෙකම මේ වනවිට එකවර ක්‍රියාත්මක වෙනවා. විශ්ව කේන්දරයේ 1-5-9 කියන ත්‍රිකෝණස්ථාන හෙවත් අග්නි මර්මස්ථාන තුනම කේතුට තමා අයිති වෙන්නේ. එයින් ලෝකයේ සහ යම් රටක අභ්‍යන්තර පෙරළි ඇති කරවන්න මුල්වෙන්නේ 01 සහ 09 කියන මර්මස්ථාන දෙකයි. මෙහි පළමුවැන්න අස්විද නක්ෂත්‍රයටත් 09 වැන්න මුල නක්ෂත්‍රයටත් වැටෙනවා. ඒ දෙකම කටවහරින් කිව්වොත් ගිනි නැකත් නේ. ඔන්න දැන් යුරේනස් (අප්‍රේල් 8) අස්විදයේත් සෙනසුරු (ඔක්තෝබර් 26)මුල නැකතේත් ගමන ආරම්භ කළා. දැන් මොකද වෙන්නේ ප්‍රධාන වායූකාරක ග්‍රහයන් දෙදෙනාම ගිනි ත්‍රිකෝණයේ ප්‍රධාන මර්මස්ථාන දෙකේ ගමන් කරනවා. 

    ඒ අනුව විශ්ව කේන්දරයේ ශීර්ෂය සහ 9 වැන්න ප්‍රතිපෝෂකව ඉතා බලවත්ව උත්තේජනය වෙනවා. එහි ප්‍රතිපලයක් හැටියට ඉදිරි වසර හත පුරා අපට ලෝක පරිමාණ යුද්ධ විප්ලව සහ විශේෂයෙන්ම විද්‍යා තාක්ෂණ -බලශක්ති ක්ෂේත්‍රයේ මහා පරිමාණ යහපත් වෙනස්කම් දකින්න ලැබෙයි. අද පවතින ලෝක බල තුලනය යුද ආර්ථික සමාජ හා දේශපාලන කියන අංශවලින් විතරක් නෙවෙයි තාක්ෂණය අතින්ද විප්ලවකාරී වෙනසකට ලක් වෙනවා. පොසිල ඉන්ධන ශිෂ්ටාචාරය විනාශවෙලා අලුත් බලශක්ති ශිෂ්ටාචාර ගොඩනැගෙනවා. මේ ගැන සම්පූර්ණ පුරෝකතනයක් 'තුරුම්පුවාගේ වික්‍රමය' කියන පොතේ තියෙනවා. මෙවැනි ලෝක පසුබිමක තමා සෙනසුරු ගිනිකාරක මුල නක්ෂත්‍රයේ ගමන් කරන්නේ . ඊ ළඟට ඔහු ජලකාරක පුවසල නක්ෂත්‍රයට යනවා. මෙන්න මේ ගමන් රටාව සූක්ෂ්ම ශක්ති කලාප 09 කට කැඩෙනවා. අපි දැන් දින වකවානු සහිතව ඒ ගමන දිහා බලමු. 

    ආසන්න වශයෙන් සෙනසුරුට එක් සූක්ෂ්ම ශක්ති කලාපයක් පසුකර යන්න දින 33 ක කාලය ගතවෙනවා. පහුගිය ඔක්තෝබර් 26 දා මුල නැකතේ පළමුවැනි පාදයට පැමිණි සෙනසුරු ලබන නොවැම්බර් 28 වෙනතුරු ගමන් ගන්නේ F+f+f+a = ගිනි +ගිනි +ගිනි +වායු සංයෝග තත්ත්වයකයි. මේ සූත්‍රයට ග්‍රහයන් සම්බන්ධ කළොත් ගුරු +කේතු + කුජ + ශනි කියන සංයෝගය හට ගන්නව. බැලූ බැල්මට පේනව මේ සංයෝගය හොඳට වඩා නරකට බර වැඩි බව. එනම් නොවැම්බර් 28 දක්වා අපට නොයෙක් අනතුරු සහ ඛේදවාචකයන් සහ කඩාකප්පල්වීම් වාර්තා වෙයි. නොවැම්බර් 28 සිට දෙසැම්බර් 31 දක්වා සෙනසුරු ගමන් ගන්නේ F+ w+ e+a = ගිනි + ජල +දෘඨ + වායු සංයෝගයක් හරහා නේද . 

    අපේ රටේ හැම තැනක්ම අවුලෙන් අවුලට යනව විතරක් නෙවෙයි කිසි කෙනෙක් කිසි කෙනෙකුට ඇහුම්කන් නොදෙන හැමෝම ලොක්කෝ වෙන්න ගිහිං පට්ටං ලෙලි යන්න ගන්නා කාලයක්. දැන් මෙතනට ග්‍රහයන් සම්බන්ධ කළොත් ගුරු +කේතු + සිකුරු + ශනි සංයෝගය හට ගන්නව. ඊ ළඟට දෙසැම්බර් 31 සිට 2018 පෙබරවාරි 02 දා වෙනතුරු සෙනසුරු ගමන් ගන්නේ F+f+a+a ගිනි +වායු හෙවත් ගුරු +කේතු +බුද + ශනි සංයෝගයක් හරහායි. අන්න ඒ කාලයේදී කපටි කෛරාටික කුමන්ත්‍රණ යටි උගුල් ගැටුම් එදිරිවාදීකම් පාවාදීම් ද්‍රෝහීකම් බහුල වෙයි. ඇත්තටම දේශපාලනය කියන්නේ මොකක්ද කියලා රටට පෙනෙයි. 

    ඊටත් පසුව 2018 පෙබරවාරි 02 දා සිට මාර්තු 06 දක්වා F+f+w+a = ගිනි +ජල +වායු සහ ගුරු +කේතු +සඳු +ශනි කියන සංයෝගය හට ගැනීම නිසා එක්තරා බලවත් දේශපාලන සහ රාජ්‍ය අංශයේ කැපී පෙනෙන තනතුරු දරණ බොහෝ දෙනෙක් හෙල්ලුම්කන සිද්ධිවලට මුහුණ දෙයි. සමහරුන්ට සදහටම විශ්‍රාම යන්න වෙයි. තවත් සමහරුන්ගේ තටු කැපෙයි. මෙතෙක් දුබලව සිටි සමහරුන් ඉතා බලවත් වෙයි. 

    දේශපාලනයේ පෙරළි රැසක ආරම්භය ඒ සමඟම පටන් ගන්නවා. මේ සියල්ල හට ගන්නේ රටේ කේන්දරයෙන් 11 වැන්නේ වීම නිසා කෙටිකාලීන පීඩනය මැද වුවත් ඒ ඇතිවන පෙරළිකාර වෙනස්කම් දිගුකාලීනව රටට ඉතා හිතකරයි. වසර තිහකට පසුව ශ්‍රී ලංකාව අභිමානවත් ජය මාවතකට ගමන් ගන්නව. ආර්ථික සමාජ දේශපාලන සහ ආගමික සංස්කෘතික යන හැම අංශයකින්ම රට නගා සිටුවන්න මේ තරම් වාසනාවන්ත බලවත් ග්‍රහචාරයක් තව අවුරුදු සියයකටවත් නැවත උදාවෙන්නේ නෑ. 2018 මාර්තු 06 සිට තමා ඒ කාලය උදාවෙන්නේ .

    Ada Newspaper 2017/11/08
    • Google Comments
    • Facebook Comments

    0 comments:

    Post a Comment

    Item Reviewed: හැමෝම ලොක්කෝ වෙන්න ගිහිං පට්ටං ලෙලි යන්න ගන්නා කාලයක් Rating: 5 Reviewed By: NT
    Scroll to Top